News
Loading...

සෙල්ලම් කිරීමට ගෙනයනවා කියා දැරියට අතවර කරලා

වයස අවුරුදු 06ක් වන කුඩා දැරියකට ලිංගික අතරවයක් සිදු කළ බව කියන අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම - තබ්බෝව පදිංචිකරුවෙකි.

30 හැවිරිදි සැකකරු ගොවිතැන් කටයුතු කරන අයෙකු බව කියයි.

අතවරයට පත් දැරියද තබ්බෝව ප්‍රදේශයේ පදිංචි අයෙකි.

සැකකරු එම දැරියගේ නිවසේ පොල් අතු සෙවිලි කිරීමට පැමිණ ඇත.

තම දරුවන් සමග සෙල්ලම් කිරීමට යැයි පවසා සැකකරු දැරිය කැඳවාගෙන ගොස් තිබේ.

ඒ සඳහා ඇයගේ මව්පියන්ගෙන් අවසර ලබා දී ඇත.

යතුරු පැදියක නංවාගෙන දැරිය තම නිවසට කැඳවාගෙන යන අතර තුර පාළු ස්ථානයකදී කැලෑවකට ඇයව කැඳවාගෙන ගොස් සැකකරු මෙම අපරාධය සිදු කර ඇති බව අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

සැකකරු විසින් තමන්ට සිදු කරන ලද ක්‍රියාව නිවසට පැමිණි දැරිය තම මව්පියන් හා පවසා තිබේ.

ඉන් පසුව දැරියගේ මව්පියන් විසින් මේ බව කරුවලගස්වැව පොලීසියට පැමිණිල්ලක් කරමින් පවසා ඇත.

ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

අතවරයට පත් ඇති දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment