News
Loading...

පිරිමින්ට ස්වයං වින්දනයෙන් ලැඛෙන සව්ක්යමය වාසිය



පිළිකාවෙන් බේරෙන්න අත්වැඩ

සෑම  දිනකම ස්වයං වින්දනයේ  යෙදෙන පුද්ගලයන්ට  පුරස්ථී ග්‍රන්ථීය ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවධානම අඩු බව විශේෂඥයන් පවසයි.

ස්වයං වින්දනය සහ පුරස්ථී ග්‍රන්ථීයේ වැළඬෙන පිළිකා ආශ්‍රිතව සිදුකළ අධ්‍යනයකින් අනතුරුව අනාවරණය වී ඇත්තේ වයස අවුරුදු 40ත් 49ත් අතර පිරිමින්ගෙන් මාසයකට අවම වශයෙන් 21ක් වතාවක් වත් ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ට මාසයකට හතර පස් වතාවක් ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ට වඩා පුරස්ථී ග්‍රන්ථී පිළිකා ඇතිවීමේ  අඩු අවධානමක් පවතින බවයි.

මේ පරීක්ෂණය සඳහා හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ඒකකය වසර 18ක් පුරා පිරිමින් 32000ක් පමණ යොදාගෙන තිබේ. පරීක්ෂණය කරන අතරතුර පවා පරීක්ෂණයට යොදාගත් පිරිසෙන් පුද්ගලයන් 3038ට පුරස්ථී ග්‍රන්ථී පිළිකා වැළඳී ඇත.

මේ අනුව අනාවරණය වී ඇත්තේ සාමාන්‍යයෙන් ස්වයං වින්දනයේ වැඩිපුර යෙදෙන පිරිමියෙකුට එම අවධානම අඩු බවයි.

මීට අමතරව  ජිවන විලාසය සහ ආහාර රටාවද අනුව මෙහි වෙනසක් සිදු විය හැක.

මේ වනවිට මේ විශේෂඥ පිරිසගේ අවධානය යොමුව ඇත්තේ ස්වයං වින්දනයේ යෙදෙන්නන් සඳහා පුරස්ථී ග්‍රන්ථී ආශ්‍රිත පිළිකා ඇති නොවීමට බලපාන හේතුව සොයා බැලීම සඳහායි.

පිරිමින් අතර දක්නට ලැඛෙන පිළිකා වර්ග අතරින් පුරස්ථී ග්‍රන්ථී ආශ්‍රිත පිළිකාව ප්‍රධාන තැනක් ගනියි. වාර්තාවන්ට අනුව ඇමරිකාව තුල පමණක් වසරකට 40000ක් පමණ මෙම රෝගයට අලූ‍තින් ගොදුරු වේ. මෙම පිළිකා  වර්ගය ඉතා සෙමෙන් වැඩෙන අතර මුත්‍රාමාර්ගයේ අපහසුතා වලදී හඳුනා ගැනීමට හැකියි.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment