News
Loading...

ඔබ කැමති කෙල්ල ඔබට අකමැතිවීමට හේතු...

ඉතින් කොහොමද යාලුවනේ . තරුණ කාලේ කියන්නේ ජිවිතේ සුන්දරම කාලේ. ආදරය කරන්න හොදම කාලේ.  කෙල්ලෝ නම් මේ ලෝකේ ඕනේ තරම් ඉන්නවා තමයි . එත් අපි කැමති කෙල්ල අපිට අකමැති නම් ටිකක් දුකයි. ඔයාලා දන්නවද ඕනේ කෙල්ලෙක් එයාගේ ඇස් දෙකට කොල්ලෙක් දැක්ක ගමන් මුල් තත්පර 10 ඇතුලත තීරණය කරන දෙයක් තියෙනවා. ඒ ඔහු සමග යාලු වෙන එක සුදුසුද නැද්ද කියලා. මේක සමීක්ෂණ මගින් තමයි හොයා ගෙන තියෙන්නේ. කව්රු නෑ කිව්වත් මේක ඇත්ත කියලයි මට හිතෙන්නේ. මොකද අපි මිනිස්සුනේ. කෙල්ලෙක් එයාගේ  පස්සෙන් එන කොල්ලෙක්ට අකැමති වෙන්න හේතුව ඒ කොල්ලාගේ රුපය  කැත වීම විතරක් නෙවෙයි. ඇත්තටම  කොල්ලොන්ගේ කඩවසම් කමට  වඩා කෙල්ලෝ බලන දේවල් ටිකක් තියෙනවා.  




පම්පෝරි ගැසීම නිසා


ඔබට හොද ජොබ් එකක් , ඕනේ තරම් සල්ලි , හොද වාහනයක් , වැදගත් පවුල් පසුබිමක් තියෙන්න පුළුවන්. එත් ඔයා ඒ දෙවල්  ගැන ඔයා දාගන්න යන කෙල්ල ඉස්සරහා මහා ලොකුවට පාරම් බාන්න ගියොත් කෙල්ලට අනිවා ටික දවසක් යන කොට ඔයාව එපා වෙනවා .

ඕනෙවට වඩා පිරිමි කම ඇගට ගැනීම හා ගෙම්බෝ වීම.


ඒ වගේම සමහර කොල්ලෝ තමුන්ගේ දුර්වල කම් වහ ගන්නත් බොරුවට ආඩම්බර වෙලා ඉන්නවා. ඔවුන් හිතනවා තමුන් වැඩිය කෙල්ලව  ගණන් ගන්නේ  නැතුව පොඩ්ඩක් ලාවට හිනා වෙලා  දරුණු මුණක් මවා ගෙන බොහොම ආඩම්බරයෙන් ඉන්නකොට කෙල්ලෝ කැමති වෙනවා කියලා. කොල්ලෝ කීයටවත් කෙල්ලෝ ඉස්සරහ නැවෙන්න නම් ඕනේ නෑ.කොහොමත් ගෙම්බෝ වෙන්න හදන කොල්ලොන්ට කෙල්ලෝ වැඩිය කැමති නෑ . එත් තමුන් එරහ කරන කෙල්ල ඉස්සරහා නම් යකෙක් වගේ හැසිරෙන්න එපා. ප්‍රිය මනාප පුද්ගලයෙක් විදියට ඉන්න

හොද  ආත්ම විශ්වාසයක් නොමැති වීම


කොල්ලෙක්ට කෙල්ලේක් දා ගන්න ලස්සන වෙන්න ඕනෙම නෑ. කොල්ලෙක් උනාම හොද කොන්දක් තියෙන්න ඕනේ. පිළිවෙලකට අදින  පළදින කෙනෙක් වෙන්න ඕනේ. තමා පිළිබද හොද ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ. කෙල්ල එක්ක යන කොට ඕනේ තැනක බය නැතුව නිවැරදි විදියට වැදගත් විදියට කෙලින් හැසිරෙන්න පුළුවන් කම තියෙන්න ඕනේ. කොහෙද යන්නේ කොහොමද යන්නේ මොකද කරන්නේ කියන තීරණ ගන්න කොට කොල්ලා මුලික වෙන්න ඕනේ. මේකෙන් හැගවෙන්නේ නෑ කෙල්ල තිරන ගැනීමට කිසි ලෙසකින්වත් සම්බන්ධ කර ගන්නේ නෑ කියලා. පෙරමුණ ගන්න  ඕනේ කොල්ලා කියන ඒකයි තේරුම. කොල්ලා කරන්න ඕනේ වැඩ ටික කෙල්ල ට කරන්න දීලා ඔහේ පස්සෙන් ගියොත් නම්  කෙල්ලට අනිවා එපා වෙනවා.

කෙල්ලට ඇහුම්කම් නොදීම


කෙල්ලෝ ගොඩක් කැමතියි තමුන්ගේ කොල්ලා ඒ ගොල්ලොන්ට හොදින් ඇහුම්කම් දෙන කෙනෙක් වෙනවාට. කෙල්ල හම්බ උනු පලවෙනි දවසෙම ඔබ එක දිගටම පැය ගානක් ඔබ කල කී දේ , ඔබගේ දක්ෂතා, ජයග්‍රහණ , කරපු ලොකු වැඩ  වගේ ඔයාගෙම  දේවල් විතරක් එක දිගට වාචලයෙක් වගේ  කියවන්න ගියොත් ඉතින් කෙල්ලට අනිවා ඔයාව එපා වෙනවා. අඩුවෙන් කතා කරන්න. වැඩි පුර ඇයගේ කතාවට ඇහුම් කම් දෙන්න. කුතුහලය පිරි ප්‍රියමනාප මුහුණකින්. ඇය අනිවා ඔබට කැමති  වෙනවා

නරක වේලාවල්


සමහරක් වෙලාවට කොල්ලන්ට පාලනය කිරීමට බැරි හේතු තියෙනවා. ඒ කියන්නේ එක එරහ කරන කොල්ලගේ වැරද්දක් නිසා නෙවෙයි වෙන්නේ.එක්කෝ කෙල්ලට ඒකන කරන වෙලාවේ කෙල්ල ඉන්න මූඩ් එක හරි නෑ. එක්කෝ ඔෆිස් එකේ හරි ගෙදර හරි වෙනත් යාලුවෙක් එක්ක හරි ලොකු ප්‍රශනයක් දා ගෙන ඒ ගැන හිත හිත ඉන්නේ. මෙන්න මේ වෙලාවටත් ඔබ ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. එ නිසා ඒ වගේ දේවල් ගණන් ගත යුතු නෑ. මොකද ඒ දේවල් ඔබේ වැරදි නොවන නිසා.

කෙල්ලගෙන් අහන එක දින දින පහු කිරීම


සමහරවිට ඔබ දා ගන්න උත්සාහ කරන ඔබට දැනටමත් කැමැත්තෙන් ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඔයා මේක බය නැතුව කෙල්ලගෙන් අහන එක දවසින් දවස පහු කරනවා නම් කෙල්ලගේ හිතේ ඔයා ගැන කලකිරීමක් , ඔයාගේ ආත්ම විශ්වාසයක් නැති කම ගැන එපා වීමක් ඇති වෙලා කැමැත්ත අකමැත්තක් වෙන්න පුළුවන්.

තවත් කොල්ලෝ  පටල ගන්න තැනක්  තමයි අපිට ඔය ලොකු අතු අල්ලන්න බෑ කියා සිතීම


ඔන්න ඔයාට කෙල්ලෙක්ට ආස හිතුනා. හැබැයි කෙල් ලොකු සල්ලි කාරකගේ දුවක්.කෙල්ලගේ පවුල් පසුබිමත් හෙන ලොකු එකක්  නම් අනිවා එතන පොඩි කොස්සක් තියෙනවා. පිවිතුරැ ආදරේට බාධා නෑ කියන්නේ බොරුවට. චිත්‍රපටි  වල විතරයි කෙල්ල මුළු සේසතම ඇත ඇරලා දාලා කොල්ලෝ එක්ක පැනල යන්න එන්නේ . එත් එහෙම උනා කියලා ඔබේ උත්සාහය අත අරින්න එපා. මොකද සමහරක් විට නගරයේ ලොකුම සල්ලි කාරයෙක් ගේ දුවක් හෙට ඔයාට හම්බ වෙන්න පුළුවන් බංකුවක් උඩ වාඩි වෙලා අඩ අඩ ඉන්නවා. කිසිම කොල්ලෙක් එයට ලං වෙන්න බැරි වෙයි කියලා හිතලා එයාගෙන් කැමැත්ත අහන්නේ නෑති නිසා. ඒ නිසා උත්සාහ කරන්න. එත් හිත  හදා ගන්නත් පුරුදු වෙන්න

කෙල්ලෝ කියන්නේ සිරාවටම අමුතු ජාතියක්. තේරුම් ගන්නම බෑ. තමුන්ගේ කොල්ලට තියෙන දේවල් තමුන්ගේ හොදම යාළුවොන්ගේ කොල්ලෝ එක්ක නිතරම සංසන්දනය කරලා සතුටු වෙන හා දුක් වෙන පිරිසක්.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment