News
Loading...

Sex කරද්දී කිවිසුම් යන ලෙඩේ ‘Honeymoon Rhinitis’

aluth mag



සුරතාන්නයේදී හෝ සංසර්ගයේ යෙදී සිටියදී කිවිසුම් යෑම සමහරුන්ට ඇති වන තත්වයක්. ඔවුන් ලිංගික කාර්යයක් ගැන සිතීමෙන් හෝ ස්වයන් වින්දනයේ යෙදීමේදීත් මෙසේ කිවිසුම් යෑම සිදු වනවා.

මෙය Honeymoon Rhinitis යන නමින් හඳුන්වනු ලබනවා. මෙය සිදු වන්නේ ස්නායු පද්ධතියේ ස්වයංසාධක කොටස මගින් ඇති වන බලපෑමෙන්. මෙහිත් අනුවේගී ස්නායු වල ක්‍රියාව නිසයි මෙසේ සිදු වන්නේ.


අනුවේගී ස්නායු වල ක්‍රියාව සරලව කිව්වොත් පහර දීමේ හෝ පලායාමේ ක්‍රියා ඇති කිරීමයි. මේ ස්නායු ලිංගික තෘප්තිය ඇති වීමට අදාලව ක්‍රියාත්මක වනවා.


මේ ස්නායු වලින් හදවත ගැහෙන වේගය, හුස්ම ගැනීමේ වේගය වැනි දේවලුත් පාලනය කරනවා. හදිසි අවස්තාවක අපේ ඇඟේ සිදු වන සෑම වෙනසකටම හේතුව මෙයයි. ඒ මගින් තමයි ස්වසන පද්ධතියට බලපෑම් කරමින් කිවිසුම් යාම සිදු කරන්නෙත්.


ඉතින් සංසර්ගයේදී, ස්වයන් වින්දනයේ යෙදීමේදී හෝ එවැනි යමක් ගැන සිතීමෙන් පවා ශරීරයේ ඇති වන වෙනස නහය බර වී කිවිසුම් යාමක් බවට පත් වනවා. මෙය මෙසේ සිදු වන්නේ සමහර අයට පමණයි. ගැහැණු පිරිමි වෙනසක් නැතිව මේ තත්වය ඇති වෙන්නට පුළුවනි.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment