News
Loading...

මාමයිට් නිසා මුහුණේ කුරුලෑ ඇතිවෙනවාද?

aluth mag
මස්, මාළු, කිරි, බිත්තර සහ අත්‍යවශ්‍ය පෝෂක අඩංගු වන මාමයිට් වැනි ආහාර වල ඇති සමහර විටමින් වර්ග නිසා සමේ කුරුලෑ සහ ලප ඇතිවන බව අලුත්ම සොයා ගැනීමකින් ඔප්පු වුණා.
විශේෂයෙන්ම විටමින් B12 මේ තත්වයට හේතු වනවා. මේ මගින් සමේ සිටින හිතකර බැක්ටීරියා වර්ග වලට බලපෑම් එල්ල කරන අතර මේ නිසා කුරුලෑ සහ ලප කැළැල් ඇති වීමට හේතු වනවා.
බැක්ටීරියා වල ක්‍රියාකාරිත්වය වෙනස් වීම නිසා ඒවා මගින් නිපදවනු ලබන විවිධ රසායනික සංයෝග සමේ කුරුලෑ ඇති කිරීමට හේතු වන බව ඔප්පු වුණා.
ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය වරුන් පිරිසක් විසින් කරන ලද මේ සමීක්ෂණය මගින් මේ බව සොයා ගත්තා.
මාමයිට් වැනි අධි විටමින් සාන්ද්‍රිත ආහාර වර්ග නිසා මේ තත්වය ඇති වන බව ඔවුන් ඔප්පු කළා.
කෙසේ නමුත් විටමින් ඌනතාවය විවිධ රෝගාබාධ රැසකට හේතුවක් වනවා වගේම විටමින් වැඩි වීමත් එවැනිම කරදර ගෙන එන්නට සමත් වනවා.
විශේෂ කරුණ වන්නේ වෛද්‍ය නිර්දේශයකින් තොරව විටමින් වර්ග ගැනීමට හුරු වීම එතරම් නුවණට හුරු නැති වීමයි.

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment