News
Loading...

බර්මියුඩා ත්රිකෝන‍යේ අභිරහස දන්නවද?

         අපි ජීවත් වෙන පෘථිවියේම අපි නොදන්න අභිරහස් ගොඩක් තියෙනවා.එයින් එකක් තමයි බර්මියුඩා ත්රිකෝනය.ඔයගොල්ලොත් මොනවම හරි බර්මියුඩා ත්රිකෝනය ගැන අහලා තියෙන්න ඇතිනේ.මම දන්න ටිකත් කියන්නම්කෝ.


            බර්මියුඩා ත්රිකෝනය තියෙන්නේ බටහිර අත්ලාන්තික් සාගරයේ බර්මියුඩා,ඇමරිකාවේ ෆ්ලොරීඩා හා බ්රසීල මුහුදේ සැතපුම් 200ක් උතුරින් පිහිටි ලක්ෂ තුන යාකරණ පිහිටීමකයි. බර්මියුඩා ත්රිකෝනයට වර්ග කිලෝමීටර දහස් ගනනක් අයත් වෙනවා.මේ ප්රදේශය අතීතයේ වගේම වර්තමානයෙත් ලොකු ආන්දොලනයක් ඇති කරපු ප්රදේශයක්.මේ ප්රදේශයේ මේ වෙනකොට මිනිස්සු දහස් ගනනක්,ගුවන් යානා හා නෞකා සිය ගනනක් අතුරුදහන් වෙලා තියෙනවා.
           කොච්චර දේවල් බර්මියුඩා ත්රිකෝනෙදි අතුරු දහන් වුනත් ඒවගේ රොඩ්ඩක්වත් හම්බුවෙන්නේ නැහැ.අඩුම තරමෙ ඒ අතුරු දහන් වුන යානා වල එක තෙල් බිංදුවක් වත් හොයා ගන්න බැරිලු.හැබැයි මේ යානා අතුරු දහන් වෙන්නෙ මහ පුදුම විදිහටලු.එක සැරේම රේඩාර් පද්ධතියෙන් අයින් වෙනවා.හුගක් යානා වලට නම් වුන දේ ගැන වචනයක් වත් කියා ගන්න වෙලා නෑ.එක ඇසිල්ලකින් තමයි මේ සේරම වෙන්නේ.



මේ අභිරහස පිලිබද එක එක මතයන් තියෙනවා.එකක් තමයි පිටසක්වල ජීවීන්.බහුතරයක්ම මේ මතය පිලිගන්නවා.සාක්ෂිත් නැතුව නෙමෙයි.1945/12/05 දී ඇමරිකාවේ ගුවන් යානා 5ක්ම එක සැරේම මෙතනදි අතුරු දහන් වෙලා.වැඩේ කියන්නේ යානා 5න් එකක්වත් මූලස්තානයට කිසිම පණිවිඩයක් එවලා නෑ.ඔක්කොම එක සැරේම රේඩාර් පද්ධතියෙන් ඉවත් වෙලා.ඊට පස්සේ මේ යානා වලට මොකද වුනේ කියලා බලන්න තවත් යානයක් යවලා.මේ යානයත් එම ස්ථානයේදිම අතුරු දහන් වෙලා.හැබැයි මේ යානය නම් අතුරුදහන් වෙන්න කලින් පණිවිඩයක් එවලා.
       මගේ ගුවන් යානයට උඩින් අහසෙ අමුතු හැඩයේ විශාල යමක් මට පේනව. දැන්ගුවන් යානයමට පාලනය කරන්න බැහැ. ගුවන් යානය ඒ පැත්තට...
        පණිවිඩය සම්පූර්ණයෙන්ම එවන්න කලින් සම්බන්ධතාවය විසන්දි වෙලා.හුගක් පරීක්ෂණ පැවැත් වුවත් මේ යානා 6ට මොකක්ද උනේ කියලා හොයා ගන්න බැරිවෙලා.ඇත්තටම මොකක්ද ඒ ඔහුගේ ගුවන් යානයට උඩින් තිබුනු අමුතු හැඩයේ විශාල වස්තුව?.ඒ වස්තුවට බර්මියුඩා ත්රිකෝනයේ බලපෑමක් නැත්තේ මොකද?
      තවත් එක සාක්ෂියක් තියෙනවා.මම කලින් කිව්වේ අතුරු දහන් වුන කිසිම යානයක් හොයා ගන්න බැරි වුනා කියලනේ.ඒ වුනාට එකක් හම්බුනා.ඒ 1932 දි අතුරු දහන් වුන නැවක්.හැබැයි හම්බුවෙනකොට නැවේ කිසිම මනුස්සයෙක් ඉදලා නෑ.ඇයි නැවට මුකුත් වෙලා තිබුනෙ නැත්තේ?මිනිස්සුන්ට මොකද වුනේ?
      විද්‍යාඥ්ඥයන් නම් බර්මියුඩාව ගැන පල කරන්නේ වෙනස් මත.එකක් තමයි එම ප්රදේශයේ අධික ගුරුත්වාකර්ශණ බලයක් තියෙනවා කියන එක.ඒක නිසාලු අතුරු දහන් වන දේවල් වල සුන්බුන් හම්බු වෙන්නේ නැත්තේ.ඒ වුනාට ඒ තර්කය පිලිගන්න බෑ.එක හේතුවක් තමයි මම කලින් කියපු නැවේ කතාව.ඇයි එහෙනම් ඒ නැව ගිලුනෙ නැත්තේ? ඇයි ගිලුනු යානා වලින් තෙල් මුහුදට කාන්දු නොවුනේ?





 විද්‍යාඥ්ඥයන් තවත් එක මතයක් පල කරනවා.ඔවුන් කියන්නේ ස්වභාවිකවම මෙම ප්රදේශයේ මීතේන් විදාරනය වනවා,ඒක නිසා ජලයේ ඝනත්වය අඩු වෙනවා කියලා.ජලයේ ඝනත්වය අඩුවන නිසා ගිලෙන නැවු කැඩෙන්නෙ නැතුව ගිලෙනවා.ඒක නිසා තෙල් කාන්දු වීම් වෙන්නේ නෑ.ඒක නැවු වලට ඇත්ත වෙන්න පුලුවන්,ඒ වුනාට ගුවන් යානා වලට?ඔවුන් කියන්නෙ නම් අධික මීතේන් ප්රමානයක් නිසා ගුවන් යානා වල එන්ජින් නතර වෙන්න පුලුවන් කියලා.හැබැයි ඒ අයම පිලිගන්නවා ඒක ඇසිල්ලකින් සිදුවන දෙයක් නෙමෙයි කියලා.අනික එහෙම කඩාගෙන වැටුනත් එක සැරේම රේඩාර් පද්ධතියෙන් අයින් වෙන්නේ කොහොමද?ඒ තර්කයත් බොරු වෙන්න ඕන තරම් සාක්ෂි තියෙනවා.මගෙත් පෞද්ගලික මතය,මෙතනට පිටසක්වලත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා කියන එක.

       
දැනට නම් මම දන්නේ මෙච්චරයි.තවත්


 හම්බුනොත් දාන්නම්කො.මේ පොස්ට් එක දාන්න තොරතුරු ගොඩක් හොයා ගත්තේ 2007/02/13 විජය පත්තරේ තිබුනු ආර්ටිකල් එකකින්.අමල් ප්රසන්නගේ බ්ලොග් එකේ තිබුන පෝසට් එකෙනුත් තොරතුරු ටිකක් හොයා ගත්තා.ඒ හැමොටමත් ස්තූතියි.තව විස්තර හම්බුනොත් දාන්නන්.
 
 


ඒ වගේම මට කරන උදව්වක් විදිහට පල්ලැහැ AD එකත් ඔබගෙන යන්න අමතක කරන්න එපා 

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment