News
Loading...

අනාරක්ෂිත ගැබ් ගැනීම් වැලැක්වීමට හොදම විසදුම



අනාරක්ෂිත සංසර්ගයකින් පසු ගැබ් ගැනීමක් වලක්වා ගැනීම සදහා හදිසි උපත් පාලන පෙති භාවිතා කිරීමේදී නිශ්චිත කාල සීමාවක් තිබෙනවා. එනම් අදාල සංසර්ගයේ සිට පැය 72 ක් ඇතුලත එම පෙති ලබා ගැනීම කල යුතු වනවා.

උපත් පාලනය සදහා යොදා ගන්නා තඹ ආලේපිත උපත් පාලන ලූපය මගින් මීට වඩා වැඩි කාල සීමාවක් තුලදී අනාරක්ෂිත ගැබ් ගැනීමක් වලක්වනු ලබනවා. මෙය එතරම් ප‍්‍රචලිත ක‍්‍රමයක් නොවූවත් හදිසි උපත් පාලන පෙති භාවිතයට වඩා මෙහි ඇති සාර්ථකත්වය ඉහලයි. මෙය අනාරක්ෂිත සංසර්ගයක් සිදුවූ දිනයේ සිට දින 05 ක් තුල යෝනි මාර්ගයට ඇතුල් කිරීම මගින් ගැබ් ගැනීමක් වලක්වා ගන්නට පුළුවන්.
ලූපය මගින් සංසේචිත ඩිම්බය ගර්භාෂය තුල තැන්පත් වීම වලක්වන අතර, එහි ආලේපිත තඹ මගින් නිකුත් කරන තඹ අයන යුක්තානුවට විෂ සහිත වනවා. ලූපයක් ඇතුල් කිරීමේදී කාන්තාවට ලිංගිකව සම්පේ‍්‍රෂණය වන රෝගයක් වැළදී ඇත්නම් යම් කාල සීමාවක් සදහා ප‍්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීමක් සිදුකල යුතු වනවා. මේ නිසා මේ සදහා වෛද්‍යවරයෙකුගේ සහය ලබා ගැනීම අත්‍යාවශ්‍යයි.
ඇතුල් කල ලූපය ඊළඟ ඔසප් දිනය දක්වා තබා ගත යුතු අතර ඔබට අවශ්‍ය නම් එය දිගු කාලීන පවුල් සැලසුම් ක‍්‍රමයක් වශයෙන් තබා ගන්නටත් පුළුවන්. සාමාන්‍යයෙන් තඹ ආලේපිත ලූපයක් අවුරුදු 10 ක කාලයකට උපත් පාලන ක‍්‍රියාව සිදු කරනු ලබනවා. එමෙන්ම ඔබට අවශ්‍ය විටෙක එය ඉවත් කර ගැනීමද සිදුකල හැකි වනවා.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment