News
Loading...

මුහුදෙන් හමුවූ බීර යළි නිපදවයි


beer 6 - Copyඅදින් වසර 150ට පෙරාතුව මුහුදේ ගිලී ගිය නැවකින් සොයාගත් බීර 
වර්ගයක් යළි නිපදවීමට බෙල්ජියමේ ලියුවෙන්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති. 
වර්ෂ 1842 දී ෆින්ලන්තයත් ස්වීඩනයත් අතර ඇලන්ඩ් දූපත් සමූහය ආසන්න මුහුදේ දී මේ නැව ගිලී ගොස් තිබිණි. නැව සම්බන්ධයෙන් ගවේෂණ කළ පුරාවිද්‍යාඥයන් විසින් අඩි 165ක් ගැඹුරේ තිබී බීර බෝතල් පහක් හා ෂැම්පේන් බෝතල් 145ක් සොයා ගෙන තිබිණි. ඒ අදින් වසර හතරකට පෙරාතුවය. 
මේ බීර ගැන පර්යේෂණ කළ මහාචාර්ය ගයිඩෝ එට්ස්ටර් සහ ග්ර්ට් ඩි රවුක් විසින් සියවස් එකහමාරක් පැරණි බීර නැවත සකස් කැර ඇත. ඒ සඳහා වසරකට වැඩි කාලයක් වෙහෙස වූ බව ඔවුහු කියති. 
‘‘ අපි පැරණී බීර බෝතල්වල තිබී සොයාගත් ක්ෂුද්‍ර ජීවීන් යොදාගෙන මේ බීර වර්ගය සෑදීමට භාවිතා කළ යීට්ස් හා බැක්ටීරියා ගැන සොයා බැලුවා. ඒ අනුව අපට හැකියාව ලැබුණා යළි මේ බීර වර්ගය ප්‍රතිනිර්මාණය කිරීමට “ 
මහාචාර්ය එට්ස්ටර් එසේ කියා ඇත. 

beer 1beer 6 - Copy

මට කරන උදව්වක් විදිහට පහල AD එක ඔබගෙනම යන්න හොදේ...!!
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment