News
Loading...

ලිංගයේ ප‍්‍රමාණය පොඩි කියලා ඔන්න දැන් බය වෙන්න දෙයක් නැහැ - අතිශයින්ම පිරිමින්ට වැදගත්

ලිංග විද්‍යාව හදාරන්නන් කියන විදියට නම් පුරුෂයන්ගේ ලිංගයේ ප‍‍්‍රමාණය බොහෝ විට ඔවුන්ගේ පවුල් ජිවිතයට එතරම් බලපාන්නේ නෑ. පිරිමියෙක්ට උපතින් ලැබී ඇති   ඕනෙම ප‍‍්‍රමාණයක ලිංගයකින් ඔහුට උපරිම සතුටක් ලැබෙන විදියටයි මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පිරිමින්ගෙන් 95% කගේම ලිංගයේ ප‍‍්‍රමාණය අගල් 2.8*3.9 අතර වන අතර ප‍‍්‍රාණවත් වීමකදී එය අගල් 4.7* 6.3ත් අතර වනවා. ඔබත් මෙම මිනුම් දඩු අතර සිටින කෙනෙක් නම් තව දුරටත් මානසිකව විදවිය යුතු නෑ.

කාන්තාවන් යොදාගෙන කරන ලද සමීක්ෂණ මගින් හෙළි වෙලා තියෙන විදියට නම් කාන්තාවක් පිරිමියෙකුගෙන් බලාපොරොත්තු වෙන ප‍‍්‍රධානම දේ විශාල ලිංගයක් නම් නොවෙයි. කාන්තාවක් පිරිමියෙකුන්ගෙන් අපේක්ෂා කරන්නේ ආකර්ශනියත්වය ,කාරුණික බව , බිරිදව ආදරයෙන් රැුුක බලා ගැනීම , ඇහුම් කම් දීම හා සැහැල්ලූ මනසක් තිබීම වැනි බොහොම සරල දේවල් ටිකක්. එම සමික්ෂන වලදී බොහොම සුළු පිරිසක් තමයි කියලා තිබුනේ පුරුෂ ලිංගයේ ප‍‍්‍රමාණය තමන් බලාපොරොත්තු වෙනවා කියලා.
ඒ උනාට පිරිමින්ගේ හිත් වල නිතරම ඇති වන ප‍‍්‍රශ්නයක් තමයි ඔවුන්ගේ ලිංගයේ ප‍‍්‍රමාණය කුඩා වැඩි ද කියන එක. පිරිමි නිතරම නිල් චිත‍‍්‍රපට වල දකින විශාල ශිෂ්නයන් සමග තම ශිෂ්ණය සංසන්දනය කරනවා. ඊට පස්සේ හිතින් දුක් විදිනවා තමුන්ගේ එක පොඩි කියලා.

ඒ වගේම දැන් දැන් තාක්ෂණයේ දියුණුවත් සමග පුර්ෂ ලිංග වර්ධක බෙහෙත් වර්ග වෙලදපොලට ඇවිත් තියෙනවා. අන්තර්ජාලය හරහා ගජ රාමෙට ඒවා ප‍‍්‍රචාරනය කරනවා. ඔබත් එවනි දේ   ඕනේ තරම් දැක ඇති. මෙම වෙළද දැන්වීම් සදහා ඔවුන් යොදා ගන්න ප‍‍්‍රධාන වාක්‍යක් තමයි ගැහැනියක් සතුටු කරන්න පුළුවන් ප‍‍්‍රධානම සාධකය විශාල පුරුෂ ලිංගයක් හිමි කර ගැනීම බවයි. ඇත්තටම පිරිමියාගේ ලිංගය අගලක් වර්ධනය උනා කියලා සතුට වැඩි වීමක් මිස අඩු වීමක් නම් වෙන්නේ නෑ. නමුත් ඔබ දැන සිටිය යුතු දෙය නම් මේවන් පුරුෂ ලිංග වර්ධක නිෂ්පාදන වලට ඔවුන් කියන තරම් ප‍‍්‍රගතියක් ලබා දීමට නොහැකි බව යි. බොහෝ විට තම වෙළද භාණ්ඩ විකුණා ගෙන අසීමිත ලාබ ඉපයීමට තමයි ඔවුන් එසේ කරන්නේ.

ඔබ හොදින් මතක තබා ගන්න ඔබේ ශිෂ්නයේ ප‍‍්‍රමානය මා ඉහතින් සදහන් කළ සාමාන්‍ය ප‍‍්‍රමානයන් අතර තිබේ නම් ඔබ කිසි විටෙක වත් මානසිකව විදවිය යුතු නැති බව. එම ප‍‍්‍රමාණය ගැහැනියක් සතුටු කරන්න හොදටම ඇති.

සමීක්ෂණ මගින් හෙළි වී තිබෙනවා 25% ක් පමණ කාන්තාවන් සුරාන්තයට පත් කිරිමට මා ඉහතින් සදහන් කල මිනුම් දඩු අතර නොමැති ඉතා කුඩා පුරුෂ ලිංගයකට පවා පුලූවන් බව. තවද තවත් ගොඩක් ගැහැණුන් ඉතා ආදරබර හා කාමුක ලෙස දිවෙන් , ඇගිලි වලින් හා ඔදහි යොදා ගෙන කරන ක්‍‍්‍රියාකාරකම් වලින් පවා සුරාන්තයට පත් වෙනවා.

නිතරම තම ලිංගයේ ප‍‍්‍රමාණය ගැන සිතමින් බොරුවට දුක් වනවා වෙනුවට පිරිමියෙකු විදීයට කාන්තාවක් බලාපොරොත්තු වෙන දේවල් ටික හරියට ඉටු කෙරුවොත් ඔබේ පවුල් ජීවිතය සතුටු දායක හා තෘප්තිමත් එකක් වේවි. 
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment