News
Loading...

ලිංගික සංසර්ගය ඔබට වේදනාවක්ද?


ඔබ හෝ ඔබගේ සහකරු/සහකාරිය ජීවිතයේ කිසියම් දිනයකදී වේදනාකාරී ලිංගික එකතු වීමක් අත්දැක ඇත්ද? හෝ තවමත් අත්දකිනවාද ? එසේ නම් මේ ලිපිය ඔබ සඳහාම වේ.වේදනාකාරී ලිංගික එකතුවීම් සඳහා බොහෝ හේතු තිබිය හැකිය. එයින් සමහරක් මානසිකමය ගැටළු වන අතර බොහොමයක් කායික ගැටළු වේ. මානසික සහ කායික ගැටළු මෙසේ යැයි කියා එකිනෙකින් වෙනස් කළ

නොහැක්කේ යම් අවස්ථා වල මේ එක් ගැටළුවක් නිසා අනෙක් ගැටළු ඇති වන බැවිනි. මෙහිදී අප පළමුවෙන්ම මානසික ගැටළු සඳහා යොමු වෙමු.
වේදනාකාරී සංසර්ගයට හේතු වන මානසික ගැටළු
ලිංගිකත්වය පිළිබඳ මිත්‍යා විශ්වාස සහ දුර්මත.
සංසර්ගය පිළිබඳව ඇති අනිසි බිය.
තම සහකරු පිළිබඳව ඇති සැකය /අවිශ්වාසය.
ඉහත කී කරුණු නිසා යෝනිය සහ ඒ ආසන්න පෙදෙස් වල මාංශ පේශීන් තද වීමක් ඇති වීමට පුළුවන. එසේම යෝනි ශ‍්‍රාවයන් ඇති වීම හෝ එමගින් යෝනිය ලිහිසිකරණය වීමද නවතියි. එම නිසා ශිෂ්නය සමග රළු ඝර්ෂනයක් සහිත සංසර්ගයක් ඇති වේ. මෙහිදී ඇති වන වේදනාව මනසේ තදින් තැන්පත් වන අතර එය තවදුරටත් වේදනාකාරී සංසර්ගයක් සඳහා අඩිතාලමක් දමයි.
මානසික දුබලතා (ආතතිය, මානසික අවපීඩන ආදී*
මෙහිදී සංසර්ගයට කිසිදු කැමැත්තක් නොදක්වන අතර සහකරුගේ බලකිරීම් නිසා සංසර්ගය සිදුවේ. එවිටද යෝනි ශ‍්‍රාවයන් ඇති වීම හෝ එමගින් යෝනිය ලිහිසිකරණය වීමද නවතියි.

වේදනාකාරී සංසර්ගයට හේතු වන ශාරීරික ගැටළු

සමාජ රෝග
යෝනි මාර්ග ආශ‍්‍රිත ආසාදන
ගැබ් ගෙල ආශ‍්‍රිත ගැටළු
ගැබ් ගෙල ප‍්‍රදාහයන්
ඇතැම් මෛථුන්‍ය ඉරියව් නිසා ශිෂ්නය ගැබ් ගෙලෙහි තදින් වැදීම (ෘදටටහ ඉරියව්වේදී ශිෂ්නය යෝනි මාර්ගයේ ගැඹුරටම ගමන් කරයි*
ගැබ් ගෙල පිළිකා
ගර්භාෂ ගත ගෙඩි (ෆයිබ‍්‍රොයිඞ්* ආදිය නිසා
එන්ඩොමෙට‍්‍රියෝසිස් තත්ත්වය
මෙය නම් ගර්භාෂගත සෛලයන් එයින් පිටත පිහිටීම නිසා , ඔසප් වීම සිදුවන විට ගර්භාෂයෙන් පිටත රුධිරය ගැලීම සිදුවේ.
හෝර්මෝන අසමතුලිතතාවය
ආර්ථවහරණය
පැලෝපීය නාල තුළ සිදුවන ගැබ් ගැනීම්
ඩිම්බ කෝෂ වල ඇතැම් ගැටළු
යෝනි මාර්ග තුළ ඇතිවන ඇතැම් තුවාල ආදිය
දරු ප‍්‍රසූතිය
දරු ප‍්‍රසූතියක් ළÛ සිදු වූ පසු සිදුකරන ලිංගික එකතුවීම්.

ඔබත් මෙවන් වේදනාකාරී සංසර්ගයක් අත්විඳින්නේ නම් වහාම ඔබ ළÛම සිටිනා ප‍්‍රසව හා නාරි වෛද්‍ය වරයා හමුවන්න. මෙහි ඇති බොහෝ තත්ත්වයන සුළු ප‍්‍රතිකාර තුළින් සමනය කරගත හැකිය.

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment