News
Loading...

අල්ලේ හැඩයෙන් ඔබ ගැන දැනගන්න


ස්ත‍්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ අල්ලේ ස්වභාවය අනුව ඔහුගේ හෝ ඇයගේ ගතිගුණ චරිත ලක්ෂණ ආදී ජිවන තොරතුරු විග‍්‍රහ කිරීමට හැකිකමක් ගතේ ලකුණු ශාස්ත‍්‍රයට තිබේ. මේ ලිපියෙන් අපි ඒ පිලිබඳ විමසා බලමු.

අල්ලේ හැඩය හතරැුස් නම් එවැනි අය පරාජයේ පසු නොබසින ගුණයෙන් යුතුය. එසේම  ඕනෑම බැ?රුම් කටයුත්තකට උවද ඉදිරිපත් වීමට බිය නොවෙයි. මොහුන් බුද්ධිය මුල් කොටගත් වෘතින්හි බොහෝ දුරට නියැලෙයි. තම ආත්ම ගරුත්වය සුරැුකෙන සේ කටයුතු කරන අය වේ. සෘජු අදහස් හා ප‍්‍රතිපත්ති ඇත.

මැණික් කටුව ප‍්‍රදේශය පපුවට ඇ`ගිලි අගට යනවිට පළල ස්වභාවයක් ගනී නම් ඉසුරින් පිරි අනාගතයකට හිමිකම් කියයි.  ඕනෑම කටයුත්තක් හොඳින් සිතා බලා ඉටු කරයි. උපන් තත්වයට වඩා කිහිප ගුණයකින්ම උසස් තත්වයට පත්වීමට භාග්‍ය හිමි වේ.සිය ආර්ථිකය ශක්තිමත් කරගැනීමට නිතරම පාහේ දැඩි උනන්දුවක් සහිත වේ.

කෝණාකාර හැඩැති තරමක් විශාල අල්ල හිමි අය අධ්‍යාපන කටයුතුවලට දක්ෂය. උසස් ගෞරවනීය රැුකියාවක් කිරීමට භාග්‍ය හිමි වේ. පොත පත කියවීමට ලේඛණ කටයුතුවලටද ලැදිය. එමෙන්ම තරමක් ආඩම්බර ගති පිහිටා ඇත.

අල්ල කුඩාවට පිහිටීම අශුභ ඵල ඇති කරයි. ආර්ථිකය අතින් දුබලය. මොවුන් තේරුම් ගැනීමද තරමක් අසීරුය. පටන් ගත විර්යයන්ද නැත. වැඩ කටයුතු කරනවාට වඩා කරනුයේ කාලය කා දැමීමය.

යම් ස්ත‍්‍රීයකගේඅල්ල මනා ලෙස මසින් පිරී සිනිදුව ඇත්නම් ඇය තුල උතුම් මනුෂ්‍ය ගුණ ධර්ම මැනවින් පිහිටා තිබෙයි. එවැනි ස්ත‍්‍රිය තම සැමියාට පණ මෙන් ආදරය කරයි. සෑම අතින්ම දියුණු වීමට භාග්‍ය මැය සතුයි.

අල්ල ගොරෝසුවට පිහිටා නහරද දිස්වන්නේ නම් එය ස්ත‍්‍රීන්ට අවාසනාවන්ත පිහිටීමකි. වෙසෙසින්ම විවාහයට අහිතකර වේ.

ස්ත‍්‍රියකගේ අල්ල ඇත් සොඬක හැඩය ගෙන ඇත්නම් ඇය ප‍්‍රීතිමත්ය. නවීන පන්නයට හැඩ ගැසෙයි. රසකාමී හැ`ගීම් බහුලය.

යම් පුරුෂයෙකුගේ අල්ල මනා ලෙස මසින් පිරි අල්ල මැද වල සහිත නම් ඔහු ආර්ථික අතින් ශක්තිමත් වේ. මොහුන් බොහෝ උත්සහවන්ත අයවලූන් වේ. පියවරෙන් පියවර ඉදිරියට යයි.

අල්ල උසට පිහිටියේ නම් අනුන්ගේ දුක හොඳට වැටහේ. ඔහුනට නිතර උදව් උපකාර කරන්නේද වේ.

අල්ල ගොරෝසුවට පිහිටා වැඩිපුර මසින් පිරුණු කුඩා ඇල්ලක් හිමි පුරුෂයාට ඇත්තේ දැඩි සිතකි. පාපකාරී වැඩවල නිරත වේ. බුද්ධිමත් තීරණ ගැනීමට අපොහොසත්ය.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment