News
Loading...

ඔබේ කෙල්ලත් මේ වගේ නම් කවදාවත් කසාද බදින්න එපා..



ඉතින් කොහොමද යාළුවනේ. අද කියන්න යන්නේ අපේ කොල්ලොන්ට ඉතාම වැදගත් දෙයක්. කසාද බදිනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. වැරදි කෙල්ල බැද ගත්තොත් ජිවිත කාලෙම ඉතින් රණ්ඩු අල්ල අල්ල තමයි ඉන්න වෙන්නේ. අද අපි බලමු ඔබ කවදාවත් බදින්න හිතන්නවත් හොද නැති කෙල්ලෝ වර්ග 5 ගැන බොහොම සරලව.

අධික ලෙස නඩත්තු කල යුතු කෙල්ලෝ

මේ වගේ කෙල්ලොන්ට පොඩි කාලේ තාත්තා කියලා තියෙන්නේ කුමාරි කියලා. තාත්තාට සල්ලි නැති උනත් තිබුනත් කෙල්ලට අවශ්‍ය හැමදේම අතට පයට දීල තමයි හදලා තියෙන්නේ. එකත් හොදම තැන් වලින්. ගෙදර මිනිස්සු සල්ලි හොයන්නේ කොහොමද කියලාවත් මේ වගේ කෙල්ලොන්ට වැඩි දැනුමක් නෑ. ඉතින් මේ වගේ කෙල්ලෝ ලොකු උනාම යාලූ වෙන කොල්ලොන්ට ිදරරහ ම තමයි. නිතර නිතර ඉතාම වටිනා තෑගි වලින් සංග‍්‍රහ කරන්න පුළුවන් නම්, නගරයේ තියෙන පොෂ්ම තැන් වලට එක්කන් ගිහින් කන්න බොන්න දෙන්න පුළුවන්  නම් මේ වගේ කෙල්ලෙක් එක්ක යාලූ උනාට කමක් නෑ. එත් හොදින් මතක තියා ගන්න. මේ වගේ කෙල්ලෝ හිතන පතන විදිය කවදාවත් වෙනස් කරන්න බෑ. ඒ නිසා ඔයාට මුළු ජිවත කාලෙම මේ වගේ සලකන්න පුලූවන් නම් විතරක් මේ වගේ කෙල්ලේක් කාසද බැන්දට කමක් නෑ.

ඔයා කරන හැමදේකම වැරද්දක් දකින කෙල්ලෝ

ඔයා මොනවා කරත් මේ ජාතියේ කෙල්ලොන්ට එකේ පොඩි හරි වැරද්දක් තියෙනවා. කිසිම දෙයක් හරි නෑ ඒ දේ එයාගේ හිතේ තියෙන හැටියට සිද්ද උනේ නැති උනොත්. ඔයා කියන පුංචි වචනයක් පවා ඇති මේ ජාතියේ කෙල්ලොන්ට ලොකු රණ්ඩුවක් අල්ල ගන්න. සමහර විට ඔයා කියන වචනේ කිසිම තේරුමක් නැති වෙන්න පුළුවන්. එත් ඇය එක ඇයට කරපු ලොකු නිග‍්‍රහයක් විදියට දකින්න ගන්නවා. නිරන්තරයෙන් ඔබ අදින ඇදුමේ සිට කතා කරන වචන, ඔබ ඇවිදින හැටි, සිනාවෙන සැටි ආදී සැම දෙයක්ම තත්ත්ව පරික්ෂනයට ලක් කරමින් ඒවා වල අඩු පාඩුම පමණක් ඔබට පේනවා දෙන මේ ජාතියේ කෙල්ලේක් බදින්න හිතන්නවත් එපා.

ගැනු තමයි මේ ලෝකේ වැඞ්ඩො කියලා හිතන කෙල්ලෝ

ඔයාලට සමාජයේ ඉන්න කොට හම්බ වෙලා ඇති ගැනු තමයි මේ ලෝකේ පොරවල් කියලා හිතන් ඉන්න කෙල්ලෝ. නිතරම පිරිමි ජාතිය පස්සට දාලා කතා කරන මේ වගේ කෙල්ලෙක් එක්ක නම් ඔයා දැනට යාලූ වෙලා ඉන්නේ ඉක්මනටම මාරු වෙන්න, නැත්තම් බැන්දට පස්සේ ගෙදර ඔයාට ගෙදර හැම වැඬේම කරන්න වෙයි. විවාහය තුල ගැහැණිය කල යුතු වැඩ කොටසක් තියෙනවා. ඒ දේවල් අනිවාර්යයෙන් ගැහැණිය විසින්ම කල යුතුයි. එත් මේ ලෝකේ ගැහැණු පිරිමි එක සමාන කරන්න යන කෙල්ලෝ විවාහය තුලදී මේ දේ පටල ගෙන විවාහය නීරස කර ගන්නවා.

මේ ලෝකේ ඉන්න අවාසනාවන්තම කෙල්ල මම කියලා හිතන කෙල්ලෝ

මේ වගේ කෙල්ලෝ නිතරම ඔබට ජ්කක කරලා හරි හම්බ වෙලා හරි කියන්නෙම තමුන්ට උන කරදර ගැන. බලන්නකෝ මට උන වැඬේ. ඇයි අනේ මේ වගේ දේවල් මටම වෙන්නේ. මම මහා අවාසනාවන්ත කෙල්ලෙක්. මේ ලෝකේ ඉන්න අවාසනාවන්තම කෙල්ල මමද කොහෙද ? මෙන්න මේ වගේ දෙවල් ඔබට නිතරම ඔබේ කෙල්ලගෙන් ඇහෙනවා නම් දැන්ම මාරු වෙන්න. මොකද මේ වගේ කෙල්ලෝ ජීවිතය තදින් අල්ලන් ඉන්නේ. ආශාවන් මත්තේ නැහෙමින් ඉන්නේ. පුංචි අහිමිවීමක් වත් දරා ගන්න බැරි කෙල්ලෝ එක්ක ජිවත් වෙන්න හරි අමාරුයි.

හැගීම් වලට පට ගාලා වහල් වෙන කෙල්ලෝ

මේ කියන්න යන්නේ යාලූ වෙලා මාසයක් යන කොට අපි බදිමු කියන කෙල්ලෝ ගැන. මේ ජාතියේ කෙල්ලෝ අම්බානෙක හැගීම් වලට ජිවිතේ පාවෙන්න දීලා ජිවත් වෙන කෙල්ලෝ. ඔයත් එක්ක යාලු වෙලා මාසෙන් බදිමු කිව්ව වගේ බැදලා මාසෙන් දෙකෙන් වෙන කෙනෙක්ට අපි පැනලා යමු කියන්න බැරි නැති නිසා කවදාවත් මේ වගේ කෙල්ලෝ කසාද බදින්න එපා. 
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment