ඔයා කැමැති පුතෙකුටද? දුවෙකුටද? යුගදිවියට පත් අඹු සැමියන් එකිනෙකාගෙන් විමසුවද ලැබෙන දරුවා බාර ගැනීමට කොයි කවුරුත් සූදානම්ය. නමුත් තමුන් බලාපොරොත්තු වන දරුවා හිමිවේනම් ඇතිවන සතුට දෙගුණ තෙගුණ වේ.
උපදින දරුවා පුතකු ලෙස හෝ දුවක ලෙස හෝ තමුන් කැමැති අයුරින් බිහි කර ගැනීමට ආයුර්වේදයේ ප්‍රතිකාර ක්‍රමයක් ඇත. එය පුත්සවන විධි ලෙස හඳුන්වයි.
මෙම පුත්සවන විධි ක්‍රම අනුගමනය කිරීමෙන් තමුනට බිහිකර ගත යුතු දරුවා තීරණය කර ගත හැකිය. ඒ සඳහා සූදානම් වීමක් කාන්තාව සහ පිරිමියා යන දෙදෙනාම කළ යුතුය.
පිරිමි දරුවකු බිහිකර ගැනීම
පිරිමි දරුවකු පතන කාන්තාවන් සහ පිරිමින් ඒ සඳහා කායිකව එක්‌විය යුත්තේ කාන්තාවගේ ඔසප්වීම ඇති වී පළමු දිනයේ සිට සරු කාලය තුළ සෑම ඉරට්‌ටේ දිනකය. එනම් 8, 10, 12, 14 යන දිනයන්හිදීය.
කාන්තාව සූදානම් වීම
පිරිමි දරුවකු බිහි කරගැනීමට පතන සෑම කාන්තාවක්‌ම දරු කළලයක් හටගැනීමට මාස තුනකට පෙර සිට ඒ සඳහා සූදානම් විය යුතුය. එහිදී ඇය මාස තුනකට පෙර සිට තම දකුණු නාස් පුඩුවට ඖෂධ මිශ්‍ර එළකිරි බිංදු 02 ත් 06 ත් අතර ප්‍රමාණයක් ඔසප් චක්‍රයේ සරු කාලයේදී උදේ වරුවේදී යෙදිය යුතුය.
මෙමගින් ඇය මානසික සහ ශාරීරික වශයෙන් සූදානම් වීමක් සිදු කරනු ලබයි. එවිට ඇයගේ අන්තරාසර්ග ග්‍රන්ථි උත්තේජනය වේ.
පුතකුගේ ඉතා කුඩා රූපයක් රනින් හෝ රිදියෙන් සාදාගෙන එය අධික උෂ්ණත්වයට ලක්‌කර මුදවපු කිරිවල මිශ්‍ර කර ඉන්පසු එම රුව කිරිවලින් ඉවත්කර රුව මිශ්‍ර කරගත් මුදවාපු කිරි ආහාරයට ගත යුතුය.
නුග අංකුර පීදීමට පෙර ලබාගෙන එය හොඳින් පිරිසිදු ගලක අඹරා එළකිරි සමග මිශ්‍රකර ඉන් බිංදු 08 ත් 10 ත් අතර ප්‍රමාණයක් දකුණු නාස් පුඩුවට දැමීම කළ යුතුය. ඊට අමතරව මෙම මිශ්‍රණයෙන් මේස හැඳි දෙකක් පමණ පානය කිරීමද සුදුසුය.
හාතාවාරිය, බැබිල සමසේ එක්‌කරගෙන තම්බා නිතර නිතර පානය කිරීම හොඳය.
මෙම ප්‍රතිකාර මගින් කාන්තාව තුළ සරු බීජ නිපදවේ.
කාන්තාව සිය යෝනි මාර්ගය සහ ශ්‍රාවයන් නිරෝගීව පවත්වා ගත යුතුය. රෝග පැවතිය හොත් පුරුෂයාගේ ශුක්‍රානු තුළ ඇති පිරිමි දරුවකු බිහිකිරීමට බලපාන ශ ජානය විනාශ වේ.
පුරුෂයා සූදානම් වීම පුතකු ලැබීම සඳහා
පුතකු ලැබීම සඳහා පුරුෂයාගේ ශුක්‍රානුවල ශ ජානය සක්‍රීයව තිබිය යුතුය. ඒ සඳහා වැල් පෙනෙල, වියලි මිදි, රට කජු, ගිතෙල් මිශ්‍ර ආහාර, රට ඉඳි, කුකුල් මස්, වටු මස්, සුදු මාළු වැනි ආහාර නිතර නිතර ආහාරයට ගත යුතුය.
වැල්පෙනෙල ගිතෙල් මිශ්‍ර කර සුප් සහ කැඳ ලෙස ආහාරයට ගැනීම මුං ඇට, පැළ කළ මුං ඇට, උඳු, ඇල් හාල් සහ පෝෂණයෙන් අධික සහල් වර්ග නිතර නිතර ආහාරයට ගත යුතුය.
අමුක්‌කර චූර්ණය, බිංතුල් චූර්ණය, ඉරමුසු වැනි ඖෂධ කැඳ වශයෙන් පානය කිරීම ගුණදායකය.
පිරිමි දරුවකු ප්‍රාර්ථනා කරන අඹුසැමියන් කායික සම්බන්ධතා පැවැත්වීම සඳහා නිදි යහනට ගොඩවීම සහ බැසීම කළ යුත්තේ දකුණු පැත්තෙනි.
ගැහැනු දරුවකු බිහිකර ගැනීම
ගැහැනු දරුවකු ප්‍රාර්ථනා කරන අඹු සැමියන් කායික සම්බන්ධතා පැවැත්විය යුත්තේ කාන්තාවගේ ඔසප්වීම ඇතිවී පළමු දිනයේ සිට සරු කාලයේදී සෑම ඔත්තේ දිනකමය. එනම් 9, 11, 13, 15 යන දිනයන්හිදීය.
කාන්තාව සූදානම් වීම
මෙහිදී කාන්තාව අනුගමනය කළ යුත්තේ පිරිමි දරුවකු සඳහා අනුගමනය කරන අප මුලින් සඳහන් කළ නාසයට දමන ඖෂධ ප්‍රතිකාර ක්‍රම සියල්ල නාසයේ වම් පසට එක් කිරීමය.
දියණියගේ ඉතා කුඩා රුවක් රනින් හෝ රිදියෙන් යොදාගෙන එය අධික උෂ්ණත්වයට ලක්‌කර මුදවපු කිරිවල මිශ්‍ර කිරීමෙන් පසු එම රුව ඉන් ඉවත්කර රුව මිශ්‍රකරගත් මුදවපු කිරි ආහාරයට ගත යුතුය.
පුරුෂයා සූදානම් වීම
ගැහැනු දරුවකු ලැබීම සඳහා පුරුෂයාගේ ශුක්‍රානුවලින් ඞ ජානය සක්‍රීයව තිබිය යුතුය.
ඒ සඳහා හාතාවාරිය අඩංගු ඖෂධ, ගොටු කොළ, ඉරමුසු පාන වර්ග ලෙස ගැනීම සුදුසුය.
උෂ්ණ කෑම වර්ග ගැනීමෙන් වැළකිය යුතුය. ශීත ගුණයෙන් යුත් මධුර ආහාර පාන බහුලව ගත යුතුය.
මෙලෙස ප්‍රතිකාර ගනු ලබන අතර තමුන් බලාපොරොත්තු වන දරු සම්පත කෙරෙහි සැමියාත් බිරිඳත් දෙදෙනාම එක සිත්ව සිටිය යුතුය. ඒ පිළිබඳව නිතර නිතර සිහිපත් කිරීම අවශ්‍යය. එවිට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.
ආචාර්ය වෛද්‍ය දයානි සිරිවර්ධන
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ
ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ
ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය


0 comments :
Post a Comment