News
Loading...

ලිංගිකව එකතු වීම වැඩි උනොත් මොකද වෙන්නෙ?


ලිංගික සංසර්ගයේ වැඩි වාර ගණනක් යෙදීම ජීවිතයේ සන්තුෂ්ටියට හේතු නොවන බව ඇමරිකානු පර්යේෂකයින් පිරිසක් සොයාගෙන ඇතැයි වාර්තා වේ.
ඔවුන් පවසන්නේ විවිධ ආකාරයන් හරහා ගොඩනගා ඇති ලිංගික සංසර්ගය හා ජීවන තෘප්තිය අතර සබඳතාවය එතරම් සරල නොවන බවයි.
කාර්නෙගී මෙලන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින් මේ පරීක්‍ෂණය වයස අවුරුදු 35-65 අතර විවාහක යුවල් සහභාගි කරගෙන තිබේ.
ඔවුන් මුලින්ම යුවල් කාණ්ඩ දෙකකට බෙදා වෙන්කර ඇති අතර එක් කණ්ඩායමකට පමණක් ඔවුන් ලිංගික ඇසුරේ යෙදෙන වාර ගණන දෙගුණයකින් වැඩිකරන ලෙස දැනුම් දී ඇත.
තෘප්තිය පිළිබඳ පදනම් අක්‍ෂයන් ගොඩනැගීම සඳහා එක් එක් පුද්ගලයාගේ සෞඛ්‍ය සම්පන්න භාවය, සතුට, සංසර්ගයේ යෙදුණු ආකාරය, සහකරුවාගේ ස්වභාවය හා එය තෘප්තිමත්ද යන්න දෛනිකව විමසා බලා ඇත.
තෙමසකින් පසු පර්යේෂකයින් අනාවරණය කරගෙන ඇත්තේ ලිංගිකව හැසිරෙන වාර ගණන ඉහළ නැංවීම මගින් ජීවිතයේ සතුට වැඩිවනු වෙනුවට අඩුවී ඇති බවයි.
පර්යේෂණයේ ප‍්‍රධාන විද්‍යාඥ මහාචාර්ය ජෝර්ජ් ලොවෙන්ස්ටයින් පවසා ඇත්තේ ලිංගික සංසර්ගයේ යෙදීමට එන පෙළඹුමක් මත එය සිදුකිරීම වෙනුවට දෛනික අවශ්‍යතාවයක් ලෙස එහි නිරතවීම මගින් මෙම තත්වය ඇතිවී ඇති බවයි.
සබඳතාවයක මුල් කාලයේදී වැඩි වාර ගණනක් ලිංගිකව එක්වුවද පසුකාලීනව එය වඩාත් තෘප්තිය ලැබිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් කල් දමන බව ඔහුගේ අදහසයි.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment