News
Loading...

ප්‍රථම වරට එක්වීමේදී රුධිරය පිටවීම අනිවාර්ය ලක්ෂණයක් නොවේ



සියයට 30 ක් කාන්තාවන් ඉන්නවා ස්වභාවික ලෙස කන්‍යා පටලය පිහිටන්නේ නැති…
අපි කතා කරන්නට යන්නේ ලංකාවේ කාන්තාවන්ට ඇති වෙලා තියෙන විශේෂ ප්‍රශ්නයක් ගැනයි. මේ ප්‍රශ්නය තමයි යූවතියකගේ ජීවිතයේ ප්‍රථම ලිංගික එක්වීමේදී රුධිරය පිටවිය යූතුයි කියන මතය.
අප රටේ සංස්කෘතිය අනූව යූවළක් එක්තැන්වීමේදී මේ සිද්ධිය බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා. මෙයට මූල් වෙන්නෙත් වැඩිහිටියන්මයි. විශේෂයෙන්ම නගරයෙන් ඈත තරමක් පිටිසර පළාත්වල මේ ප්‍රශ්නය තවමත් තියෙනවා. මේ ප්‍රශ්නය නිසා වෛද්‍යවරුන් වෙත පැමිණෙන යූවතියන් ගණනත් වැඩිවී තිබෙනවා. මෙයින් බොහෝ දෙනා මෙයට පෙර ලිංගික සබඳතා පවත්වපූ අය නෙමෙයි. නමූත් ප්‍රථම ලිංගික එක්වීමේදී රුධිරය පිටවීමක් සිදුවෙලා නෑ. මේ අයට මෙය විශාල ගැටලුවක්. එයට හේතුව තමන් විවාහ වූ සැමියා තමන් කෙරෙහි අවිශ්වාසයෙන් සිටීමයි.
වෛද්‍ය විද්‍යාවට අනූව බලන විට සියයට 30 ක් කාන්තාවන් ඉන්නවා ස්වභාවික ලෙස කන්‍යා පටලය පිහිටන්නේ නැති. මේ බොහෝ දෙනාගේ කන්‍යා පටලය අඩ සඳක හැඩයට පිහිටනවා. එවිට ප්‍රථම ලිංගික එක්වීමේදී මෙය බිඳී ගොස් රුධිරය පිටවෙන්නේ නෑ. මේ ගැන අවබෝධය කොතරම් ලබා දුන්නත්, කොතරම් දෑනූවත් කළත් මෙය තේරුම් නොගත් පිරිසක් සිටිනවා. ඒ නිසා මෙය තවමත් ප්‍රශ්නයක් බව සමාජය දෙස බැලීමේදී හා අප වෙත එන රෝගීන් ගණන දෙස බැලීමේදී පෙනෙනවා.
කාන්තාවන්ගේ කන්‍යා පටලය තුන් ආකාරයක් වෙන්න පූළුවන්. ඉන් එකක් තමයි සාමාන්‍ය ක්‍රමයට රවූමට ආවරණය වී මැදින් සිදුරක් පිහිටීම, තවත් අයගේ සම්පූර්ණයෙන්ම වැහිලා තැනින් තැන සිදුරු කිහිපයක් තිබෙන්නට පූළුවන්. ඉතිරි කොටස තමයි අපි මූලින් කිවූ සියයට 30 ක ප්‍රමාණය. ඔවූන්ගේ කන්‍යා පටලය පිහිටන්නේ අඩ සඳක හැඩයටයි.
පළමූ ආකාර දෙකට පිහිටි කන්‍යා පටලයන් පළමූ ලිංගික එක්වීමේදී බිඳී රුධිරය පිට වෙනවා. ඇතැම් යූවතියන්ගේ කන්‍යා පටලය තරමක් තදට පිහිටනවා.එසේ සිදුවන්නේ වයස අවූ35 ට පමණ වැඩි කාන්තාවන්ගේ ඔවූන්ගේ කන්‍යා පටලය ඇතැම්විට බිඳී නොයන්නටත් පූළුවන්. එවිට ලිංගික එක්වීම වේදනාකාරී වන්නටත් පූළුවන්.
ඇතැම් අවස්ථාවල යූවතියන්ගේ උපතින්ම කන්‍යා පටලයේ සිදුරක් පිහිටන්නේ නැති අවස්ථාත් තිබෙනවා. එහිදී ගැහැනූ ළමයින් වැඩි වියට පත් වන ලක්ෂණ ඇති වන්නේ නෑ ඔවූන්ගේ අවූ. 12: 14 පමණ වන විට එනම් වැඩිවිය පැමිණෙන කාලය වන විට ඔවූන්ට යටි බඩ පෙදෙසේ අධික වේදනාවක් ඇති වෙනවා. හරියටම මාස් පතා මෙය සිදු වෙනවා. නමූත් රුධිරය පිටවන්නේ නෑ. නමූත් අනෙකුත් වැඩිවියට පැමිණීමේ ලක්ෂණ තිබෙනවා. පියයූරු වර්ධනය වෙනවා. ශරීරය වෙනස් වෙනවා. රෝම වැවෙනවා. නමූත් ඔසප් වීම සිදුවන්නේ නෑ. එයට හේතුව කන්‍යා පටලය සම්පූර්ණයෙන්ම වැසී තිබීමයි. මෙවැනි ලක්ෂණ ඇති වූවහොත් ඇය වෛද්‍යවරයෙක් වෙතට ගෙන යා යූතුයි. එහිදී වෛද්‍යවරයා සූළු සැත්කමක් මගින් කන්‍යා පටලයේ සිදුරක් සාදා එක්රැස් වී ඇති රුධිරය පිටතට ගලා යාමට සලස්වනවා. මෙහිදී සිදුවී ඇත්තේ මාස් පතා ඔසප් වීම සිදුවූණත් එම රුධිරය පිටතට ඒමට සිදුරක් නොමැති වීමයි සැත්කමෙන් පසූ මාස්පතා නිසිලෙස ඔසප් වීම සිදුවෙනවා.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment