News
Loading...

ඔබත් හැමදාම ලිංගිකව හැසිරෙන්න

02-man-kissing-woman-neck-w724
ලිංගික සංසර්ගය සහ ඒ හා සම්බන්ධ දේවල් ගැන බොහෝ දෙනාට ඇත්තේ ඉතා අවිධිමත් දැනුමක්. කෙසේ
නමුත් දිනපතා ලිංගික සංසර්ගයේ යෙදීම සිරුරට විවිධාකාරයේ වාසි රැසක් ගෙන එන බව සොයා ගෙන තිබෙනවා.
සංසර්ග ක්‍රියාවලියේදී යුවලක් අතර ඇති වන මානසික සම්බන්ධය ඔවුන්ගේ මොළයේ යහ පැවැත්මට හේතු වනවා. සතුටින් සිටීමට හේතු වන එන්ඩොෆින් නම් ද්‍රව්‍යය ලිංගික සංසර්ගයේදී ශ්‍රාවය වන අතර එය ඔබව සතුටින් තබනවා.
සංසර්ග ක්‍රියාවලියේදී ශරීරයේ ක්‍රියාකාරිත්වය වැඩි වන අතර හෝමෝන ශ්‍රාවය වැඩි වනවා. මේ හෝමෝන නිසා ඔබ ව්‍යායාම කරනවාට සමාන වාසියක් සිරුරට ලැබෙනවා.
සමීක්ෂණ වලින් ඔප්පු වී ඇති පරිදි ඔබ පිහිනුම් ව්‍යායාම විනාඩි 20ක් පුරා සිදු කරනවා හා සමාන කායික සුවයක් හා ශාරීරික යෝග්‍යතාවයක් එක වරක ලිංගික සංසර්ගයකින් ලැබෙන බවයි.
එමෙන්ම සංසර්ග ක්‍රියාවලියේදී සිදු වන දහඩිය දැමීම සහ සමේ උත්තේජන නිසා ස්වේද ග්‍රන්ථි වල ක්‍රියාකාරිත්වය ඇති වී සමේ රෝග අවදානමත් අඩු කරන බව පැවසෙනවා.
සංසර්ග ක්‍රියාවලිය සිදු කිරීමේදී බොහෝ දෙනා තුල පවතින්නේ බියක්. තමා ගැන තම සහකරුවා හෝ සහකාරිය තෘප්තිමත්ද යන්න පිළිබඳව සැකයකින් පසු වීම නිසාම ලිංගික තෘප්තිය අඩු වීම සහ විවාහ ජිවිතයේ විවිධ ගැටළු උද්ගත වනවා.
මේ සියලු ගැටළු සඳහා හොඳම විසඳුම ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ අවම වශයෙන් සතියකට තුන් හතර වතාවක් හෝ සංසර්ගයේ දීමයි.
ලිංගික ක්‍රියාවලිය සන්සර්ගයටම පමණක් සිමා නොවිය යුතු බවත් ඊට පෙර හා පසු සිදු වන සෑම ආදරණිය හැසිරිමක්ම හා කතාබහක්ම සෑම කෙනෙකුගේම ජිවිතයේ මානසික සහ ශාරීරික සෞඛ්‍යයට යෝග්‍යවන බවත් ඔවුන් කියා සිටිනවා.

145-11-things-men-think-about-during-foreplay1cd1e19368d18b0754790c4575d02230.500x379x1

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment