ලිංගාශ්‍රිත රෝග හෝ සමාජ රෝග යනු මිනිසුන් හෝ සතුන් සමග මුඛමාර්ගයෙන්, ගුදමාර්ගයෙන් හෝ යෝනි මාර්ගයෙන් සිදු කරන ලිංගික එක් වීමකදී බෝවීමේ හැකියාව ඇති රෝගයන්ය. මෙහිදී බහුලව ලිංගාශ්‍රිත රෝග (Sexually transmitted
infection – STI) යන වචනය භාවිතා කෙරුනද ඒ සඳහා පුළුල් තේරුමක් ඇත. මෙහිදී පුද්ගලයෙකු ආසාදනය වී ඇති අතර ඔහුට තවත් පුද්ගලයින් වෙත රෝග ලක්ෂණ නොමැතිව වුවද රෝගය ව්‍යාප්ත කිරීමේ හැකියාව ඇත. ඇතැම් ලිංගාශ්‍රිත රෝග සිප ගැනීමකදී, ආසාදිත රෝගියෙකු භාවිතා කරන ලද ඉදි කටු මගින්, දරුප්‍රසුතියේදී හෝ මව්කිරී දීමේදි බෝවිය හැකිය. ලිංගාශ්‍රිත රෝග වසර සියගණනක් තිස්සේ ඉතිහාසය තුළ පැවත ඇත.
උපුටා ගැනීම:විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය
Subscribe to:
Post Comments
(
Atom
)


0 comments :
Post a Comment