ඔබ කුඩා වසු පැටවෙකු දැක ඇත්නම්, එසෙත් නැත්නම් වෙනත් ඕනැම ක්ෂිරපායි සතෙකු සැලකුවද පොඩු ලක්ෂණය වන්නේ උපන් මොහෝතේ පටන් ඔවුන් ස්වාධීනත්වය සොයා ගමන් කරන බවයි. දෙමාපියන්ගෙන් ඔවුනට ලැබෙන්නේ ඉතා සුලු උපකාරයක් පමණි. එසේත් නැතිනම් නැති තරම්ය. මිනිස්
දරුවා ඉපදී අවුරුදු එකකින් ඇවිදින විට වෙනත් එකෙකු පැයකටත් වඩා අඩු කාලයකින් ඇවිදීම අරබන්නේ එසේ නොකරන එකෙකු උපන් මොහොතේම ස්වාභාවික වරණයට ලක්වීමට ඉඩ හසර සලසමිනි.
ඉතින් මෙවන් ස්වාභාවිකවරනයෙන් බැහැරට ගිය ජීවියෙකු ඇතිදැඩි කිරීම මවකට පමනක් පහසුවෙන් කල හැකි කරුණක් නොවිය හැකිය. එබැවින් පියගේද සහය ඒ සඳහා ලබා ගැනීමට ඇති සාධකය වන්නේ ලිංගිකත්වයයි. එකම ගර්භනීකාලයක් ඇති මිනිසා හා හරකා යන දෙදෙනාගේ මද කිපීම හා ආර්තව චක්‍රය ගතහොත් ඉතා විශල වෙනසක් පෙන්වයි. මෙයට හේතුවන්නේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා දීර්ඝ කාලීනව පවත්වා ගැනීම මිනිස් දරුවාගේ පැවැත්මට වැදගත් වන බැවිනි.
එහි අවසන් ප්‍රතිඵලය ලෙස මිනිසා හා ලිංගිකත්වය දෙකක් නොව එකක් බවට පත්ව ඇත.


0 comments :
Post a Comment