බාල වයස්කාර දැරියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇයට විවාහ වන ලෙසට පොරොන්දු ලබා දෙමින් අඹු සැමියන් ලෙස හැසිරුණු යුධ හමුදා සෙබලෙකු සහ එයට අනුබල දුන් ඔහුගේ මව ගලේවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.දැරියගේ මව් පියන් නිවසේ නොසිටි අවස්ථාවක නිවසට පැමිණි මෙම හමුදා සෙබලා දැරියට අතවර කර ඇති අතර පසුව ඇය ඌව පරණගම සිය නිවසට රැගෙන ගොස් අඹු සැමියන් ලෙස හැසිරී තිබේ.
පසුව හමුදා සෙබලා විසින් අදාළ දැරිය ඇයගේ දෙමාපියන්ට භාරදී ඇති අතරම එහිදි තමන්ගේ දැරිය විවාහ කරගන්නා ලෙසට දැරියගේ දෙමාපියන් විසින් හමුදා සෙබලාගෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.
නමුත් ඔහු දිගින් දිගටම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතරම පසුව දැරියගේ දෙමාපියන් විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.


0 comments :
Post a Comment