News
Loading...

මුත්‍රාශයේ ගල් හටගැනීම වලකා ගැනීමට විසදුමක්


මුත්‍රා ගල් ඇතිවීම අද බොහෝ දෙනා මුහුණපාන රෝගී තත්ත්වයක්. වතුර අඩුවෙන් පානය කිරීම මෙයට මූලික හේතුව වුවත් තවත් හේතූන් රැසක් මෙයට බලපානවා.
• හිරු එළියට නිරාවරණය වීමෙන් අධිකව දහදිය දැමීම නිසා සිරුර වියළි වෙයි.
• මස් මාළු වැනි සත්ත්ව ප්‍රෝටීන් වැඩිපුර ගැනීම.
• පිටි සහිත ආහාර වැඩිපුර ගැනීම.
• ලුණු අධික ආහාර ගැනීම.
• පලතුරු හා කෙඳි සහිත ආහාර අඩුවෙන් ගැනීම.
• මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතා තිබෙන විටත් එය පාලනය කර සිටීම.
මෙලෙස හේතූන් කිහිපයක්ම මුත්‍රා ගල් ඇතිවීමට බලපායි. මෙවැනි තත්ත්වයක් ඇති වූ පසු ඔබේ ආහාර රටාව ගැනද වැඩි සැලකිලිමත් බවක් දැක්විය යුතුමයි.
• දිනකට වතුර ලීටර් 2.5ත් 3ත් 4ත් අතර ප්‍රමාණයක් පානය කරන්න.
• සිට්රික් අඩංගු පාන වන ලෙමන් යුෂ පානය කරන්න.
• පොල්පලා තම්බා පානය කරන්න.
• හාතවාරිය අල, කොත්තමල්ලි, සාරණ, කෙසෙල්, හීන් එනසාල්, කොල්ලු, කොමඩු, පිපිඤ්ඤා, නෙල්ලි
• අක්කපාන සම්බෝල සාදා හැකිනම් දිනපතා ආහාරයට ගන්න.
• මදුරුතලා සපා ආහාරයට ගන්න. මදුරුතලා තේ හැන්දක ප්‍රමාණයක් මිරිකා මී පැණි තේ හැන්දක් සමඟ මිශ්‍ර කර දිනපතා උදෑසන හිස් බඩ පානය කරන්න.


නුසුදුසු ආහාර
• කිරි ආහාර වැඩිපුර නොගන්න (එහි කැල්සියම් අඩංගු නිසා මුත්‍රා ගල් සෑදීම ඉක්මන් වෙයි.)
• මල් ගෝවා, බීට්, කැරට්, නිවිති වැනි ආහාර අධිකව නොගන්න.
• සෝස්, අච්චාරු, රාබු, රතු ලූනු, අර්තාපල්, චොක්ලට් වැනි ආහාර නුසුදුසුයි.
• මත්පැන් භාවිතයෙන් අෑත් වන්න.
මුත්‍රා ගල් නැසීමට යෝගාසන
යෝග ව්‍යායාමවල ඇති සලාසන, ප්‍රාණයම, බෘජංගාසන වැනි ආසන ඉරියව් මඟින් යටි බඩ ප්‍රදේශයට ඇතිවන බලපෑමෙන් මුත්‍රා ගල් පිට කිරීම පහසු කරවයි.
ඊ.ඩී. තනුජා ප්‍රියංගනී ගුණරත්න
විශේෂඥ වෛද්‍ය කාය චිකිත්සා – පංචකර්ම, ජේ‍යෂ්ඨ කථිකාචාර්ය – කොළඹ විශ්වවිද්‍යාලය

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment