News
Loading...

ඔසප් දිනවල ලිංගිකව එකතුවීම වරදක්ද?




වීම යනු කුමක්ද ? සාමාන්‍ය ලෙස ගතහොත් වැඩිවියට පත් නිරෝගි කාන්තාවකගේ දින 28 † කට වරක් ගර්භාෂ බිත්ති බිඳ වැටීම සහ ඉන් දින 14  කට පසුව ඩිම්බහරණයක් සඳහා සූදානම් කිරීමක් යනුවෙන් දැක්විය හැකිය. මෙමගර්භාෂ බිත්ති බිඳ වැටීම ඇතැමෙකුට අධික වේදනාකාරී කාලයක් වන අතර ඇතැමෙකුට
මඳ වේදනා ගෙනදෙන්නක් ලෙස දැක්විය හැකිය. මෙහිදී මතක තබාගත යුතු කාරණය නම් මෙම ඔසප් වේදනා ඔබගේ එදිනෙදා ජීවිතයේ ක්‍රියාවන් කිරීමට අපහසු වන තරමට වේදනා කාරී නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් යෝග්‍ය බවයි. සමහරු මෙම ඔසප් වීමේදී පිටවන රුධිර තරලය සහ ගර්භාෂ බිත්ති කොටස් පිළිකුල් ලෙස දුටුවද ඇත්තෙන්ම එම පිටවන තරලයෙහි කිසිදු අපද්‍රව්‍යයක් නැති බවත් කුණු ලේ හෝ එවැනි කිසිවක් නැති බවත් පෙන්වා දිය යුතුය.
 මෙම කාලයෙහිදී කාන්තාවන්ගේ තවත් සංකූලතා ඇති වේ. හෝර්මෝන අධික ලෙස වෙනස් වීම නිසා පියයුරු වේදනාවද, මනෝභාවයන් ක්ෂණික ලෙස වෙනස් වීමද , කුරුළෑ සහ හිස්සොරි ආදිය සෑදීමද, මානසික ආතතිය මෙන්ම විෂාදය ආදී බොහෝ ලක්ෂණ පහළ වේ. මෙම සංකූලතා නිසා කාන්තාවන් බොහෝ විට ලිංගිකව එකතු වීමට අකමැති වෙති.
එහෙත් සහකාරිය මෙවන් අවස්ථාවක ලිංගිකව එකතු වීමට කැමති නම් එහි වරදක් නැත. එනමුත් පිරිමියා මෙය පිළිකුල් කරයි නම් ලිංගිකව එකතු වීම ඔසප් තරලය පහව යනතුරු පසුකිරීම දෙදෙනාටම සුවදායකය. එසේම දෙදෙනාම ලිංගිකව එකතු වීමට කැමැත්ත පළ කරයි නම් ලිංගිකව එකතු වීම වරදක් නොවේ. නමුත් මතක තබා ගන්න........
  • අමතර ඇඳ ඇතිරිලි භාවිතා කරන්න.
  • ඉවසිලි වන්ත වන්න.
  •  මෙහිදී සෘජුවම රුධිරය සම්බන්ධ වන නිසා ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග පහසුවෙන් වැළඳිය හැකිය.
  • සාකච්ඡාවෙන් පහසු ඉරියව්වක් තෝරාගන්න.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment