News
Loading...

පිරිමි අය ගැනුන්ගෙන් බලාපොරොත්තු වෙන ඒත් කවදාවත් ගැනුන්ට නොකියන රහස්




කාන්තාවන්ට වගේම නැති
උනත්  පිරිමි අයගේ ජිවිත වලත් පොඩියට හරි රහස් ටිකක් තියෙනවා.හැබැයි නියම 
පිරිමි නම් කවමදාකවත් ගැනු වගේ ඔය උඩින් එකයි යටින් එකයි තියා ගෙන සමාජයේ 
හැසිරෙනවා අඩුයි.දන්නවද හැම පිරිමියෙක්ම තමා ආශ්‍රය කරන තම සහකාරියගෙන් 
බලාපොරොත්තු වෙන නමුත් කවදාවත් ඔවුන්ට හෙළි නොකරන  දේවල් කීපයක් තියෙනවා 
කියලා.අද විශ්ම ලෝකය තුලින් අපි ඒ මොනවද කියලා කතා කරමු.


ඔහුට නිසි ගරුත්වය ලබා දෙනවට


මේක

තමයි හැම පිරිමියෙක්ම ගැනියෙක්ගෙන් බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ.ඔබට හොද 
පෙම්වතියක් , බිරිදක් වෙන්න අවශය නම් අනිවා මුලින් ඔබේ පිරිමියාට නිසි ලෙස 
ගරු කරන්න පුරුදු වෙන්න.සැම විටම හැම කටයුත්තකම ප්‍රධානියා වෙන්න ඔහුට ඉඩ 
දෙන්න.ඔබ ගෙදර පිරිමියා වෙන්න ගියොත් ඉක්මනටම කසාද ජීවිතය එපා වේවි.හැම 
මාසෙම අග තමන්ගේ සැමියාගේ පඩි පැකට් එක අතට අරන් controll කරන්න යන බිරිදක්
වෙන්න එපා.

ඔහුව අගය කරනවට

ඔබට

හොද පෙම්වතියක් හෝ බිරිදක්වීමට අවශ්‍ය නම් අනිවා ඔබේ සහකරුගේ වැඩ කටයුතු 
වලට සැම විටම නිසි අගය කිරීම් ලබා දෙන්න.හැබැයි එහෙම කියලා බොරුවට දේවල් 
අගය කරන්න යන්න එපා.මොකද පිරිමින්ට පුළුවන් ඔබ බොරුවට කරන අගය කිරීම් බොහොම
පහසුවෙන් අදුර ගන්න.ඒ වගේම ඔබ සැබෑ ලෙස ඔහු පිලිබදව සිදු කරන අගය 
කිරීමකින් ඔහුගේ හිත ගොඩක් සතුටු වෙන බවත් ඔබ මතකයේ තියා ගන්න.

ඔහු කැමති දේවල්වලට ඔබ සහයෝගයෙන් ඔහු සමග එකතු වෙනවට

මේක

අද සමාජයේ තියෙන ලොකු ප්‍රශ්නයක්.ඔබේ පිරිමියාගේ හිතේ තියෙන ඔහු කරන්න ආස 
දේවල් වලට ඔබට පුළුවන් නම් හැකි පමණ සහභාගී වෙන්න.අපි හිතමු ඔබේ සහකරු ආසයි
කියලා action films බලන්න.හැබැයි ඔයා ආස හින්දි films බලන්න.නොගැලපීමක් 
තියෙන නිසා ඔයා එයා films බලන වෙලාවට ඔහුව සෝෆා එකේ තනි කරලා යනවා.මේ වගේ 
දේවල් වලට පිරිමි ඇත්තටම කැමති නෑ. පිරිමි  ආසයි එයාලා කැමති දේ ඔවුන්ගේ 
පෙම්වතිය හෝ බිරිදත් එක්ක එකතු වෙලා කරන්න.ඔයා ඒ action film එක බලන්න 
අවශ්‍ය නෑ.එත් ඔහු ලගට වෙලා ටිකක් හරි  වෙලා ඉන්න පුළුවන් නම් ඔහු ගොඩක් 
සතුටු වේවි ඔබ වැනි සහකාරියක් ලැබීම ගැන

දිරිගැන්වීම් කරනවට

මේකත්

ගොඩක් වැදගත් දෙයක්.හැම පෙම්වතියක්ම , බිරිදක්ම තම සහකරුව ඔහුගේ ජිවිතේ 
අරමුණු වලට යන්න අවශ්‍ය කරන උපරිම දිරි ගැන්වීම නිරතුරුවම ලබා දෙන්න 
ඕනේ.එයා හැමදේම කියන්නේ ඔයාට නිසා ඔහුගේ ඉලක්ක  පිළිබද දැඩි විශ්වාසයක් ඇති
වෙන විදියට ඔබ හැසිරෙන්න ඕනේ. ඔබගේ හැම වචනයක්ම ඔහුට ඉස්සරහට යන්න දිරි 
ගැන්වීමක් ලබා දෙන දෙයක් විය යුතුමයි.කිසිම වෙලාවක ඔබ ඔහුව අඩු තක්සේරු 
කරන්න යන්න එපා.ඔහුගේ ශක්තින් පිළිබදව ඔබේ සිතේ විශ්වාසයක් නෑ කියලා ඔහුට 
තේරුනොත් ඔහු ගොඩක් මානසිකව වැටේවි.ඔහුට ගොඩක් දුක හිතිලා ඔහු පිලිබදව 
විශ්වාසය ඔහුට නැති වේවි.ඒ දේ නම් කවදාවත් වෙන්න තියන්න එපා.

යාළුවොත් එක්ක set වෙන්න පොඩි නිදහසක්

මෙන්න

මේ කරුණත් ගොඩක් වැදගත්.ගොඩක් අය ආදර සම්බන්ධතාවයක් පටන් ගත්තු ගමන් හරි 
marry කරපු ගමන් හරි මහා බොරු සිමා මායිම් දා ගන්නවා.යාලුවෝ ආශ්‍රය අඩු 
කරන්න කියනවා.මට නම් පෙන්නේ එක මහා බොරු වැඩක් විදියට.ඒ වගේම එක නිසා ගොඩක්
ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.අද ගොඩක් දික්කසාද වලට හේතුව තමයි මේ අපේ 
ආදරවන්තයින් බොරුවට රෝමියෝ ඇන්ඩ් ජුලියට් ලා වෙන එක.ඔයාගේ පිරිමියාට එයාගේ 
යාලුවෝ එක්ක set වෙලා fun එකක් ගන්න යම්කිසි නිදහසක් දෙන්න.එහෙම කරනවට 
පිරිමි ගොඩක් කැමතියි.ඒ වගේම ඔබ වැනි බිරිදක් ලැබීම ඔහුගේ වාසනාවක් බව 
ඔහුගේ යහළුවන් ට පාවා නිතරම ප්‍රකාශ කරන්න ගනීවි.හැබැයි මෙතැනදී ගොඩක්ම 
නිදහස දෙන්න කියලා ඔහුව ඇත ඇරලම දාන්න එපා.එතකොටත් ප්‍රශ්න ඇති වෙන්න 
පුළුවන්.


ලිපිය

ලියලා ඉවරයි.මෙතන ප්‍රධාන කරුණු 5ක් තියෙනවා.තව පොඩි පොඩි දේවල් තියනවා 
ඉතින්.ඔබට පුළුවන් හැම වෙලාවටම සහකරු ඉදිරියේදී හොද පිළිවෙලට ඉන්න ලස්සන 
ඇදලා කරලා.ඒ වගේම හොද කරුණාවන්ත හඩක් හැමදාටම තියා ගන්න.නපුරු පෙම්වතියක් 
වෙන්න එපා.කොල්ලෝ ගොඩක් කැමති බොහොම සෞම්‍ය කතා විලාශයක් හැසිරීමක් ඔබෙන් 
නිතරම පිලිබිබු වෙනවා නම්.හරි එහෙනම් විශ්ම ලෝකය කැපෙන්න හදන්නේ.ඔයාලාට සුබ
දවසක්!!!
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

1 comments :

  1. Slots & Casino | Wooricasinos.info
    We also have a variety of 한게임포커 casino and 랜덤 룰렛 sportsbooks for beginners 빡촌 후기 to the casino games 바인드 토토 on the go. Read 22bet all about how to play Slots & Casino!

    ReplyDelete