News
Loading...

ලොව තුනීම ලැප්ටොප් පරිගණකය (MacBook Air 2015)


 

MacBook Air 2015

අලුත්ම මැක්බුක් එයාර් පරිගණකය (Macbook Air 2015) මෙම අප්‍රේල් මස 10 වැනිදා නිකුත් කරන බව ඇපල් සමාගම විසින් නිවේදනය කර ඇත.මෙම මැක්බුක් එයාර් පරිගණකය (Macbook Air 2015) මෙතෙක් නොතිබූ අලුත් ගුණාංග ගණනාවකින් යුක්ත වන බවයි ඇපල් සමාගම විසින් නිවදනය කර ඇත්තේ.

♦ යතුරු පුවරුව (Key Board)

සාමාන්‍යයෙන් ලැප්ටොප් පරිගණක වල නැවත ඉහල ඒමට සකසා තිබෙන යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ ‘X’ අකුරක හැඩයට හෙවත් කතුරක තල දෙක සවි කර ඇති විට තිබෙන්නාක් වැනි ලෝහ තහඩු දෙකක් සහිත ස්ප්‍රිනයකිනි.එහෙත් මෙම මැක්බුක් එයාර් පරිගණකයේ (Macbook Air 2015) යොදා ඇත්තේ සමනලයකුගේ තටු දෙක ක්‍රියාත්මක වන ආකාරයට තබා ඇති සියුම් තහඩු දෙකකි.මුල් ක්‍රමයට (Scissor Switch) වඩා මෙම ක්‍රමය (Butterfly Switch) ඇගිල්ලට මට සිළුටු බවක් දනවයි.

♦ ට්රැක් පෑඩය හෙවත් ටච් පෑඩය (Track pad or Touch Pad)

මෙම මැක්බුක් එයාර් පරිගණකයේ (Macbook Air 2015) ඇති ට්රැක් පෑඩය හෙවත් ටච් පෑඩය වෙනත් ලැප්ටොප් පරිගණක වල තිබෙන්නාක් මෙන් හුදෙක් ස්පර්ශයට සහ සාමාන්‍ය තට්ටු කිරීමට පමණක් සංවේදී එකක් නොවේ. සාමාන්‍ය විදියට ඇගිල්ල චලනය කිරීමටත් , සාමාන්‍ය තට්ටු කිරීමටත් අමතරව හදිසි වී තට්ටු කිරීම් නිසා ඇති වන පීඩන වෙනස පවා හදුනාගන්නට පුළුවන.මෙවිට ඉක්මනින් විධාන ක්‍රියාතමක වේ.

♦ ඩිස්ප්ලේ (Display)

අලුත් මැක්බුක් එයාර් පරිගණකයේ (Macbook Air 2015) අඟල් 12 ඇපල් රෙටීනා (Retina) වර්ගයේ එකකි.මෙහි විභේදනය (Resolution) 2304 x 1440 කි. Display පැනලය 0.88mm තරම් තුනීය.

♦ හාඩ්වෙයා (Hardware)

මෙහි ඇත්තේ Intel Core M වර්ගයේ ඩුවල් ප්‍රොසෙසර් (Dual Processor) එකකි.එහි වේගය 1.3 GHz වේ. Intel HD Graphic Card (Intel HD Graphics 5300) එකක් තිබේ. Onboard Bluetooth 4.0 තාක්ෂයෙන්ද මෙම මැක්බුක් එයාර් පරිගණකය (Macbook Air 2015) සමන්විත වේ. 8GB රැම් මතකයක් සහ 250GB සහ 512GB හාඩ් ඩිස්ක් (SSD) සහිතය.

♦ ටයිප් සී යූඑස්බී පෝට් (USB Type C Port)

වෙනත් ඇපල් ලැප්ටොප් පරිගණක වල තිබූ මැග්සේෆ් (MagSafe) ඇඩැප්ටරය මෙහි නැත. ඒ වෙනුවට ටයිප් සී යූඑස්බී පෝට් (USB Type C Port) එකක් තිබේ. එනම් පරිගණකය චාජ් කිරීමට (Charging), වීඩියෝ අවුට්පුට් (Video Outout) ලබා ගැනීමට, දත්ත හුවමාරුවට (Data Transfer) සහ වෙනත් සබදතා සියල්ල වෙනුවෙන් තිබෙන්නේ එකම එක පෝට් එකකි.
මෙම නවාංග සහිත අලුත් මැක්බුක් එයාර් පරිගණකයේ (Macbook Air 2015) බර රාත්තල් දෙකකි.ඝනකම 13.1mm කි. ආවරණය සම්පූර්ණයෙන්ම සැහැල්ලු නමුත් ශක්තිමත් ලෝහ තහඩුවකින් තනා තිබේ. මෙතෙක් ආ සියළුම ඇපල් ලැප්ටොප් පරිගණකවල මතුපිට තිබූ ලෝගෝව (Backlit Logo) අලුත් පරිගණකයේ නැත. ඒ වෙනුවට තිබෙන්නේ සාමාන්‍ය ලෝගෝවකි. එසේම එහි සෑම යතුරක්ම ඊටම අයත් LED බල්බයකින් ආලෝකමත් වෙයි. කූලිං ෆෑන් එකක් නැති එකම ලැප්ටොප් පරිගණකය මෙයයි. අලුත් මැක්බුක් එයාර් පරිගණකයේ (Macbook Air 2015) මේ ගුණාංග වලට අමතරව එහි බැටරි ආයු කාලය කලින් ආ මැක්බුක් එයාර් පරිගණක (Macbook Air 2015) වලට වඩා 35% කින් වැඩිය. එසේ බැටරි බලය වැඩි කර තිබෙන්නේ සාම්ප්‍රදියික ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයකට, කලින්ට වඩා අඩු ඉඩක බැටරි වැඩි ගණනක් රදවමිනි. කලින්ට වඩා හොද ස්ටීරියෝ ස්පීකර්ද මෙහි තිබේ. රිදී, ලා නිල්, රන් පැහැයෙන් යුත් මෝස්තර 3කින් වෙළෙදපලට එවන බව ඇපල් සමාගම පවසයි.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment