News
Loading...

නයිලෝන් යට කලිසම් අදින්න එපා ( කාන්තා ඔබට විශේෂයි )





නයිලෝන් යට කලිසම් කොහෙත්ම සුදුසු නෑ අප වැඩිය කතා නොකරන මාතෘකාවක් වුවත් මේ ගැන කතා කරන්නට සිතුවෙ අද කාලේ නොයෙකුත් විලාසිතාවේ නොයෙකුත් මාදිලියේ් යට ඇඳුම් විශේෂයෙන්ම පෑන්ටි නිසා අද කාන්තාවන් මුහුණපාන ගැටලු දෙස බැලුවිටයි අප බොඛෙහීවිට ඇඳුම් මිලදී ගන්නා විට එහි ලස්සන පෙනුම ගැන විලාසිතාව ගැන සිතනවා නමුත් යට ඇඳුම් පෑන්ටි වැනි දෑ මිලදී ගන්නා විට එම තත්ත්වය වෙනස් විය යුතුයි මෙහිදී එහි ලස්සනට වඩා වැදගත් වන්නේ එය සෞඛ්‍ය ආරක්ෂිතද යන්නයි නමුත් අද වැඩි දෙනෙක් පෑන්ටි මිලදී ගන්නා විට එහි සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන සිතන්නේ නෑ වැඩියෙන්ම ඔවුන්ගේ ඇස ගැටෙන්නේ එහි ලස්සන නිමාවටයි විවිධ ආකාරයෙන් අලංකාර කර ඇති විවිධ නයිලෝන් රේන්ද ලේස් ආදියෙන් හැඩකර ඇති එමෙන්ම විවිධ වු නයිලෝන් රෙදි සිල්ක් රෙදිවලින් නිමකර තිඛෙන යට කලිසම් අද වෙෙ)කඑතඳ පොලේ බහුලයි

මේවාට යොදාගෙන ඇති ඇතැම් රෙදි වර්ග බොහෝවිට සමට ආසාත්මිකතා දක්වන අතර මේ නිසා ඉකිළි ආශි‍‍්‍රතව ඇතිවන කැසීම් නිසා තුවාල පවා ඇතිවෙයි

එමෙන්ම එවන් යට ඇඳුම්වල ආසාත්මිකතා හේතුවෙන් ඇතිවන තුවාල ආදියෙන් ඇතුළුවන විසබීජ විවිධ ආසාදන තත්ත්වයන්ට මුලික වෙයි නයිලෝන් යට කලිසම් දහදිය උරාගැනීමේ හැකියාවෙන් තොර නිසා බොහෝවිට දහදිය සමග ගැටිමෙන් කැසීම් බිබිලි දැමිම් වැනි දෑ සිදුවෙයි

එමනිසා මෙහිදී වෛද්‍යවරුන් පවා බොහෝවිට උපදෙස් දෙනු ලබන්නේ සෞඛ්‍ය ආරක්ෂිත බවක් නැති මෙවැනි පෑන්ටි ඇදීමෙන් වළකින ලෙසයි නමුත් මේවා මිලදී ගන්නා විට වැඩිදෙනෙක් එය නොතකා කටයුතුඳූ කරයි

ඇතැම් යට කලිසම්වල ඝන වාටි යොදා ඇති අතර තදට ඉලාස්ටික් යොදා ඇති ඒවාද දැකිය හැකියි මේවාද බොහෝවිට අසාත්මිකතා ඇතිවීමට හේතුවකි මෙවැනි පෑන්ටි තදට ඇදීමෙන් ඉකිළි කැපීම ආදී විවිධ අපහසුතා ඇතිවේ

විශේෂයෙන්ම යටකලිසම් තෝරාගන්නා විට එය කොතෙක් දුරට සිරුරට පහසුද සිරුරට හිතකරද යන්න ගැන සැලකිලිමත් විය යුතුයි

වඩාත් සුදුසු වන්නේ කපු රෙද්දෙන් නිම වු යටකලිසම්ය කපු රෙද්දට පහසුවෙන් දහදිය උරා ගනියි එය සමට අහිතකර නොවන අතර සිරුරට සුව පහසුව ගෙන එයි බොහෝවිට යටකලිසම් වැනි දැ මිලදී ගන්නවාට වඩා කපු රෙද්දෙන් ගෙදරදීම තමන්ට නිමවා ගත හැකි නම් එය වඩාත් ආරක්ෂිත වෙයි විශේෂයෙන්ම කුඩා දරුවන්ට තෝරා ගන්නා යට කලිසම් ගැනද අවධානය යොමු වීම වැදගත්

සාප්පුවල ඇති පෑන්ටි මිලදී ගත්විට ඒවා භාවිතයට පෙර සෝදා තද අව්වේ දමා වියළා ගන්න නැත්නම් විසබීජ නාශක දියරයක බහා සෝදා වියළා ගන්න හේතුව මෙය බොහෝවිට සාප්පුවල අසුරා තිබියදී ාමවිලි වැදීම අතින් ඇල්ලීම ආදිය නිසා එහි විසබීජ රැුදී තිබිය හැකි නිසයි

ඒවා පිරිසුදු නොකර ඇඳීමෙන් විවිධ ආසාදන තත්ත්වයන් ඇතිවිය හැකියි නමුත් සමහරුන් එවන් දේ මිලයට ගෙනා අලුතම නොසෝදා නිසිලෙස පිරිසුදු නොකොට පාවිච්චි කිරීමට පෙළඹෙති මෙය තමන් විසින්ම විසබීජ ළගාකර ගැනිමකි

බොහෝවිට කාන්තාවන්ට මුත‍්‍රා ආසාදන සහ රහස් ප‍්‍රදේශශයේ විවිධ ආසාදන තත්ත්වයන් ඇතිවීමට බලපාන්නේ ඒ ආශ‍්‍රිතව අඳින ඇගළුම්වල අපිරිසුදුකමයි මෙම අපිරිසුදුතාවට බොහෝවිට හේතුව යට ඇඳුම්වල විසබීජ පැවතීමයි

මේ නිසා යට කලිසම් නොහොත් පෑන්ටි භාවිතයේදි එහි පිරිසුදුකම ගැන වැඩි අවධානයක් යොමුකළ යුතු අතර දිනපතාම පාහේ යට කලිසම් සෝදා පිරිසුදුව පරිහරණය කිරීමට සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙයි යට කලිසමක ලස්සනට වඩා වැදගත් වන්නේ එහි සෞඛ්‍ය ආරක්ෂිත බවයි
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment